ආණමඩුව පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ආණමඩුව පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොවිඩ්

ආණමඩුව පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොවිඩ්

ආණමඩුව, කොට්ටුකච්චිය, වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ හිමිවරුන් 18 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා පවසයි.

 

මෙලෙස කොවිඩ් ආසාධනය වී තිබෙන්නේ සරණංකර පිරිවනේ නේවාසිකව අධ්‍යාපනය ලබන සිසු සාමණේර හිමිවරුන් පිරිසකටයි.

 

වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 65කට ආසන්න පිරිසක් සිටින අතර ගිහි කුඩා දරුවන් 10ක්ද සිටින බව වාර්තාවේ.

 

කොවිඩ් ආසාධිත සාමණේර හිමිවරුන් මේවන විට වෙන්කර ප්‍රතිකාර ලබා දිමට කටයුතුකර තිබේ.

views

763 Views

Comments

arrow-up