කුඩුවලට ඇබ්බැහිවූ පොලිස් නිළධාරීන් 37ක් බස්නාහිර පළාතේ - 28ක්ම කොළඹ රාජකාරියේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

කුඩුවලට ඇබ්බැහිවූ පොලිස් නිළධාරීන් 37ක් බස්නාහිර පළාතේ - 28ක්ම කොළඹ රාජකාරියේ

කුඩුවලට ඇබ්බැහිවූ පොලිස් නිළධාරීන් 37ක් බස්නාහිර පළාතේ - 28ක්ම කොළඹ රාජකාරියේ

මත්කුඩු භාවිතයට තදින් ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 37 දෙනෙකු බස්නාහිර පළාත තුළ රාජකාරියේ යෙදී සිටින බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.

 

මෙම නිලධාරීන් අතරින් 28 දෙනකුම කොළඹ පොලිස් බල ප‍්‍රදේශය තුළ රාජකාරි කරන බවද අනාවරණයවී තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ සියලූ පොලිස් නිලධාරීන් මේවන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් විද්‍යාත්මක වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් පසුව පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවත්ය.

 

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ නිලධාරීන් පොලිසියේ රාජකාරි කිරීම බලවත් ප‍්‍රශ්නයක් බවත් එම නිලධාරීන් හැකි ඉක්මනින් හඳුනාගෙන ඔවුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

මේ ආකාරයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි.

views

748 Views

Comments

arrow-up