ආලංකුලමෙන් මතුවූ බෝම්බ සහ උණ්ඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

ආලංකුලමෙන් මතුවූ බෝම්බ සහ උණ්ඩ

ආලංකුලමෙන් මතුවූ බෝම්බ සහ උණ්ඩ

පුද්ගල නාශක ජීව බෝම්බ හතරක් සහ මෝටර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාලච්චේන, පුලන්කාඩු සහ ත්‍රිකුණාමලය ආලංකුලම යන ප්‍රදේශවලින් සොයා ගෙන ඇත.

 

මේවා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අතැර දමා ගොස් ඇති බවට සැක කෙරේ. 

 

වාලච්චේන, පූලන්කාඩු ප්‍රදේශයේ තිබී සොයාගත් ජීව බෝම්බ අධිකරණ නියෝග මත පුපුරවා විනාශ කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

 

එසේම ත්‍රිකුණාමලය, සාම්පූර්, ආලංකුලම ප්‍රදේශයෙන් සොයාගත් මිලිමීටර් 81 වර්ගයේ මෝටර් උණ්ඩය මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පූර් පොලිසියට භාරදී තිබේ.

views

769 Views

Comments

arrow-up