“නයෙක් පිඹිනවා නෙවෙයි ගෑස් ලීක්”- දැරියගේ අවධානය පවුල රැක දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

“නයෙක් පිඹිනවා නෙවෙයි ගෑස් ලීක්”- දැරියගේ අවධානය පවුල රැක දෙයි

“නයෙක් පිඹිනවා නෙවෙයි ගෑස් ලීක්”- දැරියගේ අවධානය පවුල රැක දෙයි

කල්පිටිය, දළුව, නිර්මලපුර ප්‍රදේශයේ පසුගිය 27 වනදා දහවල් නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් එම නිවැසියන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

 

නිවසේ කාමරයක තිබූ ගෑස් සිලින්ඩරයකින් ගෑස් කාන්දු වීමේ ශබ්දය මුලින්ම හඳුනාගෙන ඇත්තේ කාමරය අසල රැඳී හුන් වයස අවුරුදු 8ක දියණියයි. 

 

ඇය කාමරයෙන් නයෙකු පිඹින ශබ්දයක් ඇසෙන බව ගෙමිදුලේ සිටි දෙමව්පියන්ට දිව ගොස් පැවසීමෙන් අනතුරුව ඔවුන් විපරම් කර බලා එය ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වන ශබ්දය බව හඳුනාගෙන තිබේ.

 

අනතුරුව පියා විසින් සිලින්ඩරයේ ගෑස් නිකුත් වන ස්ථානයට සබන් වතුර දමා ඇත්තේ ගෑස් විශාල ලෙස පිටවනවා දැයි තහවුරු කර ගැනීමටයි.

 

එම අවස්ථාවේ අඛණ්ඩව පෙන බුබුළු නිකුත් වී තිබේ. ඉන්පසුව ඔහු සිලින්ඩරය රැගෙන වෙළෙඳසලට ගොස් මේ බව දැනුම්දීමෙන් පසු සිලින්ඩරය ආපසු රැගෙන එන ලෙස පවසා වෙනත් සිලින්ඩරයක් වෙළෙඳසල් හිමියා විසින් ලබාදී ඇත.

 


“මම ගෑස් සිලින්ඩරය කාමරේ තියලා තිබ්බේ. දුව කිව්වට පස්සේ ඉක්මනින් ඇවිල්ල ගෑස් සිලින්ඩරය එළියට අරගෙන සබන් වතුර ටිකක් දැම්මා.

ඉතින් බැලූම් වගේ විශාල ලෙස බුබුළු මතු වුණා. මේ ගැන කඩේ මුදලාලිට කිව්වට පස්සේ ආපසු ගේන්න කිව්වා.

මුදලාලිත් ඒ වගේ සබන් වතුර දාලා බැලූවා. දිගින් දිගටම පෙන ආවා. ඊට පස්සේ කඩේ කෙනා ෆෝන් එකෙන් කොම්පැනියට කතා කළා.

එයා ෆෝන් එකෙන් කියන දේ මට ඇහැණා. එතකොට කොම්පැනියෙන් කිව්වේ ඔය දැන් එන ගෑස් සිලින්ඩර් ඔය වගේ තමා..

100 ක් ගත්තොත් එකක් තමා හොඳට තියෙන්නෙ කියලා. ඔක්කොගෙම ඔය වගේ උතුරලා යනවා කිව්වා.

ඉතින් අපි කොහොමද මේ ගෑස් ගැන දැන් විශ්වාසයක් තියන්නේ. ගෙදර ඉන්න වෙන්නේ බයෙන්..''

 

යැයි මෙම සිදුවීමට මුහුණදුන් පුද්ගලයා පැවසීය.

views

1031 Views

Comments

arrow-up