දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි - සුළං හා අකුණු වලද වැඩිවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි - සුළං හා අකුණු වලද වැඩිවීමක්

දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි - සුළං හා අකුණු වලද වැඩිවීමක්

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

 

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

බෙන්තොට සිට ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර හෝ ගිනිකොණ දිශාවෙන් හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ දක්වා වැඩි විය හැක.

 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

774 Views

Comments

arrow-up