ලන්ඩන් නිවසක ඇතිවූ ගින්නකින් ශ‍්‍රී ලාංකික පවුලක 4ක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

ලන්ඩන් නිවසක ඇතිවූ ගින්නකින් ශ‍්‍රී ලාංකික පවුලක 4ක් මරුට

ලන්ඩන් නිවසක ඇතිවූ ගින්නකින් ශ‍්‍රී ලාංකික පවුලක 4ක් මරුට

ගිනිකොනදිග ලන්ඩයේ නිවසක හටගත් ගින්නකින් දෙමළ ජාතික කාන්තාවන් දෙදෙනකු හා දරුවන් දෙදෙනකු පිලිස්සී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ නිරුබා තන්ගවඩිවෙල් නම් කාන්තාව සහ ඇගේ මව, දරුවන් දෙදෙනා වූ ශෂ්නා හා කබිෂ් යන අයයි. 

 

ශෂ්නා එක් අවුරුදු වියේ පසුවූ අතර කබිෂ් සිව් හැවිරිදි වියේ පසුවූ දරුවන් විය.

 

මෙම නිවසේ සිටි එක් පුද්ගලයෙකු උඩු මහලෙන් පැන දිවි බේරාගෙන ඇති අතර ඔහුගේ කකුල කැඩී ඇති නිසා රෝහල් ගතකර තිබේ.

 

මෙම පවුලේ ස්වාමිපුරුෂයා වන යෝහාන් තංගවඩිවේල් පැවසුවේ නිවසේ ගින්නක් ඇති බව බිරිඳ විසින් දුරකතනයෙන් තමාට දැන්වූ බවයි. 

 

එහෙත් ඔහු නිවසට එනවිට සියල්ල සිදුවී හමාරවී තිබිණ.

views

727 Views

Comments

arrow-up