මහියංගණය පොලිසිය ඉදිරිපිට මාරක අනතුරක් - අයෙක් මරුට 06කට තුවාල
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

මහියංගණය පොලිසිය ඉදිරිපිට මාරක අනතුරක් - අයෙක් මරුට 06කට තුවාල

මහියංගණය පොලිසිය ඉදිරිපිට මාරක අනතුරක් - අයෙක් මරුට 06කට තුවාල

කොළඹ සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක බදුල්ල සිට පැමිණ වෑන් රථයක්, මහියංගණය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පසුගිය 13දින අලූයම මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් වෑන් රථයේ සිටි 05 දෙනෙකු හා බස් රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.

 

අනතුරින් මියගොස් තිබෙන්නේ ගිරාදුරුකෝට්ටේ, බතලයාය, අළුත්තරම, අංක 70 දරණ නිවසේ ආර්. එම්. තුෂාර ප්‍රදීප් රත්නායක නැමැත්තෙකි.

 

බදුල්ල, දෙමෝදර මංගල අවස්ථාවක් සඳහා ගොස් යළි පැමිණෙමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරුට පත්ව තිබේ.

views

945 Views

Comments

arrow-up