මම විතරක් නෙවෙයි අගමැතිතුමා ඉන්නෙත් කලකිරීමෙන් - විමල්

තමා විතරක් නොව අග්‍රාමාත්‍යවරයාද කලකිරීමෙන් සිටින බව විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.
පොදුජන පෙරමුණේ 5 වැනි සංවත්සරයේදී අග්‍රාමාත්‍යවරයා කළ කතාවෙන් ඔහුගේ හෘද සාක්ෂිය එළියට ආ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එහිදී මේ යන ගමනේ අඩුපාඩු අග්‍රාමාත්‍යවරයා තමන්ට පෙන්වා දිය හැකි ප්‍රමාණයෙන් පෙන්වා ඇති බවත් අග්‍රාමාත්‍යවරයාට කියන්නට බැරි කතාවකුත් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
තව අවුරුදු තුනක් මේ ආණ්ඩුවට කල් තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම කාලය අභියෝගාත්මක කාල සීමාවක් බවයි සඳහන් කරන්නේ.
පොදු ජන පෙරමුණ හා එහි සන්ධානගත පක්ෂ අතර පරස්පරතා මතු කර ගන්නේ නැතිව හැමෝටම එකඟතාවයකින් කටයුතු කරන්න හැකි වූවොත් ඒ අභියෝගය ජය ගත හැකි බවය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එහෙම නොවුණොත් සිදුවන දේ පිළිබඳව අමාත්‍යවරයා උපහැරණයක් සහිතවම පෙන්වා දෙනවා.
භූමිකම්පාවක් සිදුවන අවස්ථාවේ එහා පැත්තේ තිබෙන බැංකුව කඩන්ඩ ලෑස්ති උනා වගේ වැඩක් සිදු වුණොත් භූමිකම්පාවක් සිදු වෙනවා පමණක් නොව බැංකුවත් කඩන බවට කෑ ගසා කීමට සිදු වන බව අමාත්‍යවරයා ආණ්ඩුව තුළ ගැටුම් ඇති කරන පාර්ශවවලට මතක් කර දෙනවා.
විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.
754 Views
Comments