NOV
01
ඉන්දියාව සමග පැවති තරගය කඩුළු 8 කින් නවසීලන්තය ජයගනී

ඉන්දියාව සමග ඊයේ පැවති තරගය කඩුළු 8 කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුනා.
තරගය පැවැත්වුනේ ඩුබායි හිදියි.
කාසියේ වාසිය දිනු නවසීලන්තය පන්දු යැවීමට තීරණය කල අතර ඉන්දිය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවි රැස් කලේ ලකුණු 110 ක් පමණයි.
රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිළ කඩුළු 2 ක් දැවි ලකුණු 111 ක් ලබාගෙන තරගය ජය ගත්තා.
ඉන්දිය කණ්ඩායම මේ දක්වා මුහුණ දුන් තරග 2 ම පරාජයට පත්වී තිබෙනවා.
722 Views
Comments