බියකින් තොරව දරුවන් පාසල් යවන්නැයි වෛද්‍යවරු ඉල්ලති

අද (25) සිට ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී වන බව වර්ජනයේ නිරතව සිටි ගුරු සංගම් නිවේදනය කර තිබේ.
මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අනවශ්‍ය බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට පියවර ගන්නා මෙන් මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ,
"දරුවන්ව පාසල් යවන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දැනට අපේ දරුවෝ මුඛ ආවරණය දාගෙන ඉන්නවා. විශේෂයෙන් අවුරුදු 2ට වැඩි දරුවෝ. පාසලේ ආපන ශාලාවෙන් කෑම ගන්න පුරුදු කරන්න එපා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම පිළිපදින්න කියන්න. බය වෙන්න දෙයක් නෑ."
737 Views
Comments