ශ්‍රී ලංකාවේ චෙක් ජනරජ තානාපති මිලාන් හොවර්කා විදේශ ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජ තානාපති මිලාන් හොවර්කා විදේශ ඇමති ජී. එල් පීරිස් හමු වී ඇත.
පීරිස් මහතා නවසීලන්ත තානාපතිවරයා පිළිගත් අතර (නවදිල්ලියේ පදිංචි) ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර පවතින සමීප හා සුහද සබඳතා අවධාරණය කළ බව විදේශ අමාත්‍යාංශය පැවසීය.
හොවර්කා චෙක් තානාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ලබා දුන් දැඩි සහයෝගය පිළිබඳව සිය බලවත් ස්තූතිය පළ කළේය.
ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර වෙළඳාම, ආයෝඡනය සහ සංචාරක සබඳතා පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව මෙම හමුව සාකච්ඡාවට භාජනය විය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර සිරකරුවන් මාරු කිරීම පිළිබඳ ගිවිසුමක් ඇති කරගත් බව එම අමාත්‍යාංශය පවසයි.
717 Views
Comments