කිරි තේ රු 60යි-බිත්තර ආප්පයකුත් රු 60යි -ඉහළ ගිය ගෑස් මිලෙන් බඩු මිල වැඩි වූ හැටි

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නෙ ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ ,බිත්තර ආප්ප ,රයිස් සහ කොත්තුවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි.
මේ පිළිබඳව ඔහු විසින් මාධ්‍ය වෙත කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ ගෑස් මිල පාලනය කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු බවයි.
“දැන් ප්ලෙන්ටියක් රුපියල් 25යි .ඒ මිල අපි වැඩි කරන්නේ නෑ .ඒත්, කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කරන්න වෙනවා .
දැන් කිරි තේ එකක් රුපියල් 50යි .වැඩි කිරීමෙන් පසු රුපියල් 60ක් වෙනවා
ප්ලේන් ආප්පයක් දැන් රුපියල් 25යි .ඒක වැඩි කරන්නේ නෑ දැනට බිත්තර ආප්පයක් රුපියල් 50යි .එය මිල වැඩි කිරීමෙන් පසු රුපියල් 60ක් වෙනවා
රයිස් සහ කොත්තුත් රුපියල් 10කින් මිල වැඩි කරන්න වෙනවා.
ජනතාව අපහසුතාවයට පත් කරන්න අපි කැමති නෑ .බැරිම තැන තමයි මේ තීරණයට එළඹුණේ” යැයි අසේල සම්පත් මහතා පවසා සිටිනවා.
1043 Views
Comments