ඉතාලියේ ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටේ , ලොව ධනවත්ම පුද්ගලයකුත් මරුට

ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තෙ පෞද්ගලික ගුවන් යානයකි.
මෙම ගුවන් යානයේ අට දෙනකු ගමන්කොට ඇති අතර මෙම පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ද වන බව සඳහන්.
අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානය පදවා ඇත්තේ ද එම කෝටිපති ව්‍යාපාරිකයා විසිනි.
මිලාන් බලධාරීන් පැවසුවේ අනතුරින් ගුවන් යානය ගැටුනු ගොඩනැගිල්ලට හා ඒ ආසන්නයේ නවතා තිබූ මෝටර් රථ කිහිපයකට ද හානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි.
833 Views
Comments