ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (28) යෙදී තිබේ.
‘අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය’ යන්න මෙවර එහි තේමාව වේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක සංචාරක දින ජාතික සැමරුම් උළෙල හපුතලේ දී පැවැත්වෙන අතර ඌව පළාත් සභාව විසින් එය සංවිධානය කරයි.
සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම කටයුතු ක්‍රියාත්මක කර තිබෙන අතර පවතින තත්ත්වය හේතුවෙන් උත්සව සංවිධානය කිරීම සීමා කර තිබේ.
ගෝලීය වසංගත තත්ත්වයක් පවතින මොහොතක මෙවර ලෝක සංචාරක දිනය සමරන අතර වී තිබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අන් කවරදාටත් වඩා තීරණාත්මක අවස්ථාවකට එළැඹ තිබෙන අතර වත්මන් ලෝක වසංගත තත්ත්වය හමුවේ ලොව සෑම රටකම සංචාරක කර්මාන්තය බිඳවැටී තිබේ.
1980 සිට, සෑම සැප්තැම්බර් 27 වන දිනකදීම, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින්, ලෝක සංචාරක දිනය උත්සවාකාරයෙන් සමරා ඇත. එජාලෝසංසං ආඥා පණත් 1970 දී එම දිනයේදී අපත්‍යීකෘත කල බැවින් මෙම දිනය තෝරා ගෙන ඇත.
මෙම ආඥාපණත් අපත්‍යීකරණය, ගෝලීය සංචාරක ව්‍යාපාරයේ වැදගත් සිද්ධියක් යැයි සැලකෙයි.
මෙම දිනයෙහි භාවිතය වන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව තුල සංචාරක ව්‍යාපාරයෙහි භූමිකාව පිළිබඳ අවබෝධතාවය නංවාලීම සහ ලෝක ව්‍යාප්තව එය විසින් සාමාජීය, සංස්කෘතික, දේශපාලනමය සහ ආර්ථික සාරධර්ම වෙත බලපෑම් එල්ල කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කිරීමය.
786 Views
Comments