පොහොර හිඟය මැද තේ අපනයනය 16%කින් වර්ධනය වේ

පෙර මාස වලට සාපේක්ෂව පසුගිය අගෝස්තු මාසයේ පමණක් මෙරට තේ අපනයනය 16%කින් වර්ධනය වී තිබේ.
එම මාසය තුළ අපනයනය කර ඇති සම්පූර්ණ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 25.48කි. එම කාලසීමාව තුළ ලැබූ සම්පූර්ණ ආදායම බිලියන 23.3ක් වන අතර එය 22.6%ක වර්ධනයකි.
මෙම වසරේ මුල් මාස 8 තුළදීද තේ අපනයනය 8%කින් ඉහළ ගොස් ඇති අතර එම ප්‍රමාණය දැක්වෙන්නේ කිලෝග්‍රෑම් මිලියන 187.57ක් ලෙසයි.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් කරන තේ අපනයන ද 203%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මෙරටින් වැඩිම තේ ප්‍රමාණයක් මිලදී ගන්නේ ඉරාකය වන අතර තුර්කිය සහ රුසියාවට දෙවන සහ තුන්වන ස්ථාන වල පසුවේ.
896 Views
Comments