SEP
13
උප පොලිස් පරීක්ෂක පොලිසිය තුලම මියයයි

බෙන්තොට පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු රථවාහන අංශය තුළදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බලපිටිය පාතෙගම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි උපපොලිස් පරික්ෂක වරයෙකි.
රාත්‍රි ජංගම මුර සංචාරයට ගොස් ආපසු පොලිස් ස්ථානයට පැමිණි මොහු එහි මේසයට හිස තබාගෙන නිදා සිට ඇති අතර බොහෝ වේලාවක් එසේ නිසොල්මන්ව සිටිම නිසා සොයා බැලීමේදී ඔහු මියගොස් සිටි බව එහි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
1017 Views
Comments