හමුදා බසය කඩය කුඩු කරයි - රුපියල් කෝටියක දේපළ හානියක්

හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යමින් සිටි යුද හමුදාව විසින් පවරා ගත් බස්රථයක් රෙමුණ ආයුර්වේද අසලදී අනතුරුකට ලක්ව පාරෙන් ඉවතට පැන වෙළඳසලකට කඩා වැදීමෙන් සිදුවූ අනතුරෙන් රුපියල් කෝටියකට ආසන්න දේපලවලට අලාභ සිදු වී ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.
ඒ සමඟම බස් රථය පැදවූ රියැදුරු පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරෙන් නිවසක තාප්පයක් ආයුර්වේදයේ ආරක්ෂිත වැට, විදුලි කණුවක්, ජල පද්ධතියක්, තෑගි භාණ්ඩ හා විසිතුරු භාණ්ඩ අලෙවිසැලකට මෙන්ම බස් රථයටද දැඩි හාන සිදුවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
මෙම අනතුරින් ජීවිතහානි කිසිවක් සිදුවී නොමැති බවත් පොලිසිය කියයි.
896 Views
Comments