කොරෝනා බිළිගත් කුරුණෑගල මහ රෝහලේ “හිතහොද දොස්තර”

කෝවිඩ් ආසාදනය වී කුරුණෑගල පළාත් මහ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල පළාත් මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා පසුගිය 18 වනදා ජීවිතක්ෂයට පත්විය.
කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවයේ යෙදී සිටියදී කෝවිඞ් -19 ආසාදිනය වී ජීවිතක්ෂයට පත්වූ පළමු වෛද්‍යවරයාද සුදත් බණ්ඩාර මහතාය.
මියයන විට 53වන හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර 20කට අධික කාලයක් කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකි.
අති දක්ෂ වෛද්‍යයවරයෙකු වූ ඒ මහතා රෝග විනිශ්චයේදී ඒ බව මනාව ප්‍රකට කල වෛද්‍යවරයෙකු බව කුරුණෑගල පළාත් මහ රෝහලේ වෛද්‍යවරු සඳහන් කළහ.
ලේඛන කලාව ප්‍රගුණකොට ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර ඇති ඒ මහතා දක්ෂ ග්‍රන්ථ පරිවර්ථකයෙකි.
එසේම ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ද වේ.
සුදත් බණ්ඩාර මහතා ඔහුගේ සිතුම් නිර්මාණ ප්‍රදර්ශණයක්ද පවත්වා තිබේ.
කුරුණෑගල වැවරවුමේ පදිංචිව සිටි ඒ මහතා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වේ. දෙදරු පියෙක්වූ ඔහුගේ බිරිඳ කුරුණෑගල පළාත් මහ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරියෙකි.
දෙපළගේ එකම පිරිමි දරුවාද වෛද්‍ය සිසුවෙකි. “හිතහොඳ” වෛද්‍යවරයා නමින් ප්‍රචලිත වෛද්‍ය සුදත් බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු පසුගිය 19 දින නිරෝධායන නීතියට අනුව කුරුණෑගල නගර සභා ආදාහනාගාරයේදී සිදු කරන ලදී.
785 Views
Comments