තෙල් සංස්ථාවට සහය දැක්වීමට භාණ්ඩාගාරයට නොහැකියි - මුදල් ඇමති

ඛනිජ තෙල් සංස්ථාවට (CPC) සහයෝගය දැක්වීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට පවසා ඇත.
කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය වෙත පැවසුවේ කෙටි කාලීනව ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොවන බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) සභාපතිවරයා මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති බව ද ඔහු පැවසීය.
"පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මම මුදල් ඇමතිවරයාගේ සහය පැතූ අතර ඔහු කියා සිටියේ තෙල් ආනයනය සඳහා ලංකාව මසකට ඩොලර් මිලියන 300 ක් පමණ වැය කරන බවත් වසරකට සහන මිලට ඉන්ධන සැපයීමට මෙම ණය යෝජනා ක්‍රමය මඟින් ඉඩ සැලසෙන බවත් ය."යනුවෙන් ගම්මන්පිල මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.
683 Views
Comments