ආණ්ඩුවේ හවුල් පක්ෂ එළිපිට සටනට

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත .
ඒ අනුව, මෙම රැස්වීම ලබන 29 වැනිදා කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී පෙරේදා (23) රැස්වූ බවත් ,එහිදී මෙම තීරණය ගත් බවත් හෙතෙම සඳහන් කළේය .
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි , අමාත්‍යවරුන් වන වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් අතාවුල්ල ,අසංග නවරත්න, ටිරාන් අලස්, ගොවිඳු කුමාරතුංග ,වීරසුමන වීරසිංහ , කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් සහභාගි වී ඇති මෙම සාකච්ඡාව පැය පහක පමණ කාලයක් තිස්සේ පැවති බව වාර්තා වේ .
715 Views
Comments