OCT
25
රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කෙරේ

රාජා කොල්ලුරේ මහතා ව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කර තිබේ.
ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වෙයි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ඊයේ (24) රැස්වී එම තීරණය ගෙන තිබේ.
පාසල් ආරම්භ කිරීමෙන් පසු වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු - විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පසුගියදා ඔහු විසින් ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් දිනාගෙන තිබුණි.
697 Views
Comments