මේ සතියේ ගන්න යන තවත් අමනෝඥ කැබිනට් තීන්දුවක් ගැන රෝහිණී කවිරත්න කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

මේ සතියේ ගන්න යන තවත් අමනෝඥ කැබිනට් තීන්දුවක් ගැන රෝහිණී කවිරත්න කියයි

මේ සතියේ ගන්න යන තවත් අමනෝඥ කැබිනට් තීන්දුවක් ගැන රෝහිණී කවිරත්න කියයි

''එකදු වල් නාශකයක් හෝ නොමැතිව කෘමි නාශක සහ දිලීර නාශක කිහිපයක් ගෙන්වීමට ආණ්ඩුව නොවැ01 දින කැබ්නට් රැස්වීමේ දී අනුමැතිය ලබාගන්නට හදන,'' බවට සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

 

වල් නාශක නොමැතිව බඩ ඉරිඟු, වී සහ තේ වගා කළ නොහැකි බව කෘෂි විශේෂඥයින් පවසා ඇති නමුත් ඉදිරියේදී ගෙන්වීමට නියමිත කෘෂි රසායන ලැයිස්තුවෙන් සියලු ම වල් නාශක ඉවත් කරන්නට කෘෂිකර්ම ලේකම්වරයා උපදෙස් දී ඇති බව ද ඇය පැවසුවා ය.

 

වී වගාවේදී නිසි පරිදි වල් මර්දනය නොකර නැනෝ නයිට්‍රජන් දියර පොහොර යෙදීම හේතුවෙන් ගොයමට වඩා වැඩි වේගයෙන් වල් ශාක වර්ධනය වන බව දැන දැන ම මෙවැනි තීරණ ගැනීම ගොවියාට සිදු කරන 'බොරු ඇස් බැන්දුමක්' යැයි ඇය අවධාරණය කළා ය.

 

"ලංකාවේ ලියාපදිංචි කෘෂි රසායන වර්ග 150ක් පමණ තිබෙනවා. ඒවාගෙන් 80ක් (55%ක්) ම වල් නාශක. හෙට කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදනවා. මේක ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක්. වල් නාශක නැතිව වී, ඉඩඉරිඟු, තේ වගාව කරන්න බැරි බව කෘෂි විශේෂඥයින් කියනවා. මහා පරිමාණ වගාකරුවෝ සියලු දෙනා දැන් නන්නත්තාර වෙලා. නැගෙනහිර, රජරට, මහියංගනය ඇතුළු මහවැලි කලාපයේ ගොවියන්ට වල් නාශක, කෘමි නාශක ලැබුණේ නැත්නම් ඔවුන් සදා අනාථ වෙනවා‍.

 

සඳුදා කැබිනට්ටුවේ දී ඇස් වහලා කෘෂි රසායන කිහිපයකට අනුමැතිය ගන්න හදනවා. නමුත්, ඒ්වායෙන් විතරක් වගාව කරන්න බෑ. මේ ලැයිස්තුවේ සියලු ම වල් නාශක ඉවත් කරන්නට කාෂිකර්ම ලේකම් අද උපදෙස් දීලා තියෙනවා. මේ මහාචාර්ය ලේකම් දන්නේ නැද්ද වී වගාවේ වල් ටික දවස් 45ක් මර්දනය කළේ නැත්නම් වී කරල බොල් වෙනවා  කියලා. වල් තියෙන කුඹුරකට ‘නැනෝ නයි රාජයා’ ගැහුවම ගොයමට වඩා වේගයෙන් වල් ටික හැදෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේක බොරු ඇස්බැන්දුමක්. ගොවියා මඩට දාලා, හේනට දාලා තවදුරටත් විනාශ කරන්න හදනවා. කන කර උගස් තියලා වගාවට යන ගොවියා මෙහෙම විනාශ කරන උන් මේ වැහි දවස්වල එළියට බහින්න එපා."

views

1604 Views

Comments

arrow-up