කාබනික පෝර නිසා සාර්ථක අස්වැන්නක් ලැබූ ගොවියෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

කාබනික පෝර නිසා සාර්ථක අස්වැන්නක් ලැබූ ගොවියෝ

කාබනික පෝර නිසා සාර්ථක අස්වැන්නක් ලැබූ ගොවියෝ

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් කාබනික පොහොර භාවිත කරමින් සිය වගා කටයුතු සිදුකර තිබේ.

 

ඒ අනුව ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් මෙවර ලැබී ඇති බවය.

 

කාබනික පොහොර භාවිතයෙන් මෙවර වගාවන් සිදුකරන ලෙසට රජය දැනුම්වත් කිරීමත් සමඟ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් අලුත්වැව ප්‍රදේශයේ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයට මේ වනවිට යොමු වී තිබේ.

 

එහෙත් ඇතැම් ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතය පිළිබඳව ගොවීන්ට නිසි අවබෝධයක් ලබානොදීම හේතුවෙන් ඔවුන් කාබනික ගොවිතැනෙන් ඉවත්වී ඇති බවය.


 

views

670 Views

Comments

arrow-up