පොහොර සාම්පල යළි පරීක්ෂා කිරීම පිළිබදව දෙපාර්ශවයෙන් පරස්පර අදහස්

මතභේදයකට තුඩු දී ඇති පොහොර නෞකාවේ සාම්පලයක් තුන්වන පාර්ශවයක මැදිහත් වීමෙන් පරීක්ෂා කිරීම සඳහා චීන පොහොර සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවයකට පත්ව ඇති බව චීන තානාපති චී ෂෙන්ග්හොන්ග් මහතා පවසනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසූවේ එවැනි තුන්වෙනි තුන්වැනි පාර්ශ්වයක පරීක්ෂාවක් පිළිබඳව මේ වන තෙක් චීනය සමග එකඟතාවයකට පත්ව නොමැති බවයි.
කුමන සමාගමක් හරහා ඒවා පරික්ෂා කලද මෙරට ක්‍රියාත්මක නිරෝධායන නීතිවලට පටහැනිව එම පොහොර භාරගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
1526 Views
Comments