බන්දුලගෙන් තවත් දැවැන්ත සහන මල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

බන්දුලගෙන් තවත් දැවැන්ත සහන මල්ලක්

බන්දුලගෙන් තවත් දැවැන්ත සහන මල්ලක්

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ⁣ ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000ක් අඩුවෙන් මිලදී ගතහැකි බවයි.

 

 

සතොස ඍජු දුරකථන අංක වන 1998ට ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බව කී ඇමැතිවරයා ලෝකයේ භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බවද සඳහන් කළහ.

 

 

ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසුවේය.

views

846 Views

Comments

arrow-up