ෆේස්බුක් එකෙන් මිතුරුවී සිසුවියව රවටා නිරුවත් වීඩියෝ ගෙන තර්ජනය කල සැකකරු අත්අඩංගුවට - මවටත් අයුතු යෝජනා කරලා

සමාජ මාධ්‍ය ඔස්සේ පාසල් සිසුවියකගෙන් ලබාගත් නිරුවත් විඩියෝ සහ ඡායාරුප කිහිපයක් පෙන්වා එම පාසල් සිසුවියට තර්ජනය කළ සැකකරුවෙකු නුවරඑලිය පොලිසිය අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව සැකකරු ලබන 12වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ අනුරාධපුර නොච්චියාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකාර පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ පාසල් සිසුවිය දැන හදුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනිමෙන් පසුව පාසල් සිසුවියගේ නිරුවත් විඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරු විසින් ගෙන්වාගෙන තිබේ.
එම සියළුම නිරුවත් විඩියෝ දර්ශන යලිත් පාසල් සිසුවිය වෙත යවා ඇති සැකකරු එම පාසල් සිසුවියට ලිංගික තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් පාසල් සිසුවිය ඇයගේ මවට දැනුම්දි ඇත.
පාසල් සිසුවියගේ මව සැකකාර තරුණයාට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්තාවේ මවගෙන්ද නිරුවත් විඩියෝ දර්ශන ඉල්ලා තිබේ.
ඒ අනුව මව විසින් නුවරඑළිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශයේ නිලධාරින් ඉතා සුක්ෂම ලෙස සැකකරු නුවරඑලියට කැඳවා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
1076 Views
Comments