ස්පා ගොස් මුදල් නොගෙවා පැන්න කොස්තාපල්වරු දෙදෙනාට වැඩ වරදී

කහතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගැනීම ඔවුන් දෙදෙනා කොට්ටාව පොලීසියට පැමිණි අවස්ථාවේදී සිදුකර ඇත.
අදාළ පොලිස් නිලධාරීන් තලංගම ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට ඇතුළු වී මුදල් නොගෙවා පළා ගොස් තිබුණි.
ඔවුන් පසුපස සම්බාහන මධ්‍යස්ථානයේ සේවකයින් පිරිසක් හඹා ගොස් තිබෙන අතර ඔවුන්ගෙන් මිදී පළා යාමට එම නිලධාරීන් දෙදෙනා කොට්ටාව පොලීසියට ගොස් තිබේ.
සම්බාහන මධ්‍යස්ථානයේ සේවකයින් විසින් කොට්ටාව පොලිස් ස්ථානයට කරුණු පැහැදිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම නිලධාරීන් වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිස් ස්ථානයට භාරදුන් බව කොට්ටාව පොලීසිය පැවසීය.
1127 Views
Comments