මිහින්තලේ පුරාවිද්‍යා භූමියක සී සායි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

මිහින්තලේ පුරාවිද්‍යා භූමියක සී සායි

මිහින්තලේ පුරාවිද්‍යා භූමියක සී සායි

ක්‍රි. පූ 238දී ඉදිකළ බව කියන මිහින්තලේ ඓතිහාසික සුලු‍ගුලු‍ විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය එහි විහාරාධිපති හිමියන් ට්‍රැක්ටර් දෙකක් යොදවා සී සෑමක් සිදුකළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් අවට ගම්මාන තුනක වැසියෝ  එම විහාරස්ථානය වටලනු ලැබූහ.

 

එ සිද්ධියෙන් පිළිබඳව කල සොයා බැලීමකදී වාර්තාවුණේ ට්‍රැක්ටර් දෙකක් යොදවා පුරාවිද්‍යා ස්මාරක ඇති භූමිය සී සා ඇති බවයි. 

 

එමෙන්ම එම සිද්ධියට විරුද්ධවූ පොතාන, සුරැක් කුලම, ගල් මඩුව යන ගම්මානවල වැසියෝද එම විහාරස්ථානයේ වැටලීම සඳහා පැමිණ සිටියහ.

 

මේ පිළිබඳව ඓතිහාසික මිහින්තලය සුළුගුළු විහාරයේ විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමියෝ මෙසේ පැවැසුහ.

 

“මෙම විහාරස්ථානයට කිසිදු ආදායම් මාර්ගයක් නෑ .ඒ නිසා මම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ගොවිතැන් කිරීම සඳහා වාචික අවසරයක් ලබා දුන්නා.” යැයි පැවසීය.

views

724 Views

Comments

arrow-up