OCT
11
ලංකාවට කන්න දෙන්න ඉන්දියාවෙන් සහල් ටොන් 5,000ක්

මෙරට සහල් මිල පාලනය කිරීම සඳහා රජය විසින් ඇනවුම් කර තිබූ සහල් පළමු තොගය අද ඉන්දියාවෙන් නැව්ගත කර තිබෙනවා.
මෙම තොගයට සහල් මෙට්‍රික් ටොන් 5,000ක් ඇතුලත් වන අතර සහල් රැගත් නැව හෙට මෙරටට ළඟාවීමට නියමිතයි.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ එදිනම පස්වරුවේ සිට මෙම සහල් සතොස සහ සමුපකාර හරහා බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි.
1097 Views
Comments