ෆයිසර් මාත්‍රා තොගයක් අද දිවයිනට

තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් අද (22) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ හෙට(23) දිනයේ දී ද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් ලැබීමට නියමිත බවයි.
එමෙන්ම දෙසැම්බර් මාසයේ සිට සෑම සතියකම එන්නත් මාත්‍රා ලක්ෂ 30 බැගින් මෙරටට ලබාදීමට ෆයිසර් සමාගම එකඟතාව පළකර ඇති බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
670 Views
Comments