තවත් 14 හැවිරිදි දැරියක් අතුරුදන්

රත්නපුර - ඇල්ලෙගෙදර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වූ බවට ඇයගේ දෙමාපියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම දැරිය පසුගිය 2 වනදා ඇයව සම්බන්ධ කරගන්නා ලෙස දුරකථන අංකයක්ද ඇතුළුව තවත් විස්තර සමග ලිපියක් ලියා තබා නිවසින් පිටව ගොස් ඇත.
අතුරුදන් වී ඇත්තේ රත්නපුර බටුහේන විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර මේ වනවිට ඇයගේ පෙම්වතා යැයි කියූ කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.
1059 Views
Comments