AUG
05
බන්ධනාගාරයට හොර බඩු ඇද්ද ජේලර් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් වැලිකඩ බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, දුරකථන බැටරි දෙකක් හා දුම්කොළ කැබලි ග්‍රෑම් 233ක් රැගෙන යාමට තැත් කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාරය තුළ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම භාණ්ඩ ඔහුගේ පාදවල මේස් තුළ සගවා තිබියදී සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශන සදහා මෙම නියාමකවරයා බොරැල්ල පොලීසිය වෙත භාරදීමට නියමිතය.
866 Views
Comments