ඇමති විමල් ස්වයං නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

ඇමති විමල් ස්වයං නිරෝධායනයට

ඇමති විමල් ස්වයං නිරෝධායනයට

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ස්වයං නිරෝධායනයට යොමුවී තිබේ. ඒ ඔහුගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීමත් සමඟයි. 

 

අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(29) සිට ස්වයං නිරෝධායනයට යොමුවීමට තීරණය කර තිබේ.

 

ආසාදිතයන් ලෙස හඳුනාගත් නිලධාරීන්ගේ ආශ්‍රිතයෙක් වීම මෙන්ම එය සමාජ වගකීමක් ලෙස සලකා තමා අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට යොමුවීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

 

තම අමාත්‍ය කාර්යාලයද විෂබීජහරණයට ලක්කර දින 14ක් වසා තබනු ඇතැයි ඇමතිවරයා කීවේය.

 

අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථක්‍රම ඔස්සේ සේවා ලබාගැනීමට කටයුතු කරන මෙන් සේවා ලබාගන්නා අයගෙන් තමා ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසුවේය.

 

ඇමතිවරයා මේ සම්බන්ධව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඔහු පැමිණ ඇමතිවරයාගේ නිවසේ ගේට්ටුවේ නිරෝධායනයට ලක්වන නිවසක් බවට වන දැන්වීමක් ද අලවා තිබේ.

 

තමා නිරෝධායනයට ලක්වන බවට ඇමතිවරයා සිය ෆෙස්බුක් පිටුවේද සටහනක් තබමින් පවසා තිබුණි.

views

798 Views

Comments

arrow-up