ගුරුවරුන්ට පඩි වැඩි කරන්න සල්ලි නෑලු.. රත්නපුරේට හයිවේ හදන්නේ සාක්කුවෙන්ද? - ලංකා ගුරු සංගමය (VIDEO)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30ක් අද කොළඹ දී උද්ඝෝෂණයක් ආරම්භ කළා. කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට සිය විරෝධතාවය පල කලා.
ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එළඹෙන සඳුදා දිනයේ කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරන බවට වෘත්තිය සමිතිවලට දන්වා තිබුණද තවමත් ඔවුන් සිය සිය විරෝධතාව නවතා නොමැත.
ගුරුවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට නම් සමස්ත ජනතාවටම බලපාන පරිදි බදු ඉහළ දැමීමට සිදුවන බවට වෙළඳ මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙම විරෝධතාව අතරතුර අදහස් දැක්වූවා.
එලෙස පැවැසීමට බන්දුල ගුණවර්ධන යනු මුදල් ඇමතිවරයා ද යනුවෙන් ප්‍රශ්න කරන ස්ටාලින් මහතා මුදල් නැතිනම් මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම සහ රත්නපුර අධිවේගී මාර්ගය ඉදිකිරීම, රටපුරා කාය කායවර්ධන මධ්‍යස්ථාන 500ක් ඉදිකිරීම වැනි සංවර්ධන ව්‍යාපෘති සිදු කරන්නේ කෙසේද යනුවෙන්ද ප්‍රශ්න කර සිටියා.
මෙම විරෝධතාව හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණු අතර විරෝධතාකරුවන් සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසිපරිදි පිලිපඳින අයුරුද නිරීක්ෂණය නොවුණි.
2033 Views
Comments