ගවුම් අඳින පිරිමියෙක් ගංජා සමඟ අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

ගවුම් අඳින පිරිමියෙක් ගංජා සමඟ අත්අඩංගුවට

ගවුම් අඳින පිරිමියෙක් ගංජා සමඟ අත්අඩංගුවට

කාන්තා ගවුමකින් සැරසී මානසික රෝගයක් ලෙස හැසිරෙමින් රහසිගතව ගංජා විකිණීමේ නිරත වූ පුද්ගලයෙකු මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ගංජා මිලි ග්‍රෑම් 7000ක් පොලිසිය භාරයට ගැනුණි.

 

මහරගම පීටර් සමරතුංග මාවතෙහි පදිංචිකරුවෙකු වන මොහු මානසික රෝගයකින් පෙළෙන අයෙකු ලෙස හැසිරෙමින් ගංජා වෙළඳාමේ නිරත වන බවට පොලිස් බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේද රතු පැහැති ගවුමකින් සැරසී සිටි ඔහු පරික්ෂා කිරීමේදී ගවුමට යටින් තිබූ කලිසම් සාක්කුවේ තිබුණු විකිණීමට සූදානම් කෙරුණු ගංජා තොගය සොයා ගැනීමට පොලිසිය සමත් විය.

views

1079 Views

Comments

arrow-up