ඉගැන්වීමට නිවසට ගොස් දැරිය දූෂණය කළ විදුහල්පති අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

ඉගැන්වීමට නිවසට ගොස් දැරිය දූෂණය කළ විදුහල්පති අත්අඩංගුවට

ඉගැන්වීමට නිවසට ගොස් දැරිය දූෂණය කළ විදුහල්පති අත්අඩංගුවට

දාහත්(17) හැවිරිදි දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.


 
 අත්අඩංගුවටගත් සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත‍්‍රාත් ජනක රත්නායක මහතා සැකකරු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝගකර ඇත.


 
 මෙම මස 05 වන දින අදාළ දැරිය සිය මව සමඟ දැරණියගල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සැකකරු එම දැරියගේ නිවසට ජ්‍යොතිෂ්‍යය පිළිබඳව ඉගැන්වීමට ගිය අවස්ථාවක මෙම අතවරයට ලක්කර ඇති බව දැරිය පොලිසියට සඳහන් කර ඇත. 

 

නඩුව නොවැම්බර් මස 29 දින යළි කැඳවීමට නියමිත අතර සැකකරු දැරණියගල සමථ මණ්ඩලයට ද සම්බන්ධ 50 හැවිරිදි විවාහකයෙකි.

views

1016 Views

Comments

arrow-up