ප්‍රදේශ රැසකට මි.මි 75 ඉක්ම වූ තද වැසි - අකුණු අනතුරු වලක්වා ගන්නා ලෙස උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

ප්‍රදේශ රැසකට මි.මි 75 ඉක්ම වූ තද වැසි - අකුණු අනතුරු වලක්වා ගන්නා ලෙස උපදෙස්

ප්‍රදේශ රැසකට මි.මි 75 ඉක්ම වූ තද වැසි - අකුණු අනතුරු වලක්වා ගන්නා ලෙස උපදෙස්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

 

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක.

 

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) දක්වා වැඩි විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


  
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණවේ. කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.

 

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

765 Views

Comments

arrow-up