මුල් පෙල පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 21කට දැවී යයි - මැදපෙල හා පන්දු යවන්නන් එංගලන්තයට නම්බුකාර ඉලක්කයක් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

මුල් පෙල පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 21කට දැවී යයි - මැදපෙල හා පන්දු යවන්නන් එංගලන්තයට නම්බුකාර ඉලක්කයක් දෙයි

මුල් පෙල පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 21කට දැවී යයි - මැදපෙල හා පන්දු යවන්නන් එංගලන්තයට  නම්බුකාර ඉලක්කයක් දෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය එක් තරඟයක් තිබියදී ජය ගන්නට එංගලන්තය ඊයේ සමත්වුණා.

 

කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල සුපුරුදු පරිදි අසාර්ථක වූ අතර විටෙක ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 04ක් දැවී ලකුණු 26ක් ලෙස අසීරු මට්ටමක පැවතුණා.

 

පස්වන කඩුල්ල සඳහා ලකුණු 55ක සබඳතාවක් එක් කරන්නට ධනංජය ද සිල්වා හා වනිදු හසරංග සමත්වුණා.

 

වනිදු හසරංග ලකුණු 26කට දැවී ගිය අතර ඉන්පසුව පිටියට එක්වූ දසුන් ශානක හා ධනංජය ද සිල්වා 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කලා.

 

විශිෂ්ඨ ඉනිමත් ක්‍රීඩාකල ධනංජය ද සිල්වා පන්දු 91කදී ලකුණු 91ක් රැස් කලා. දසුන් ශානක ලකුණු 47යි.

 

ඒ අනුව එංගලන්තයට ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් පන්දුවාර 43ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී තරඟය ජයගත්තා.

 

නායක ඉයන් මෝර්ගන් නොදැවී ලකුණු 78ක් ද, ජෝ රූට් නොදැවී ලකුණු 68ක්ද රැස් කලා. 

 

තරඟයේ වීරයා කඩුලු 05ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් පෑ සෑම් කරන් හිමිකරගත්තා. 
 

views

850 Views

Comments

arrow-up