චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක පරිත්‍යාගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක පරිත්‍යාගයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනට සහය වීමේ අරමුණින් තවත් සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය තීරණය කර තිබේ.

 

එම එන්නත් තොගය ඉදිරි සති කිහිපය තුල ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

 

තම රට අර්බුදවලට මුහුණදුන් අවස්ථාවල ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය සැමවිට සිහිපත් කරන බවද චීන තානාපති කාර්යාලය නිකුත් කල එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්වේ.

views

777 Views

Comments

arrow-up