රන්ජන්ට චන්දිමාල්ගෙන් නිවසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

රන්ජන්ට චන්දිමාල්ගෙන් නිවසක්

රන්ජන්ට චන්දිමාල්ගෙන් නිවසක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිටින රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

 

සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසෙන් ඔහුගේ බඩුමුට්ටු ඉවත්කරගන්නා ලෙසට මේ වන විට දැනුම් දී ඇති අතර ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 20 වනිදායින් අවසන්වීමට නියමිත බව පසුගියදා වාර්තාවිය.

 

එබැවින් ඔහුට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ අද(15) පවසා ඇත.

 

රන්ජන් රාමනායක මහතා තම සමීප මිතුරකු බවත් මෙවන් මොහොතක නැති මිතුදම් හා මනුස්සකම්වලින් පලක් නොවන බවත් චන්දිමාල් ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

රාමනායක මහතාට නිදහස් වී පැමිණි දිනක මෙම නිවසේ පදිංචි වී ඔහුගේ කටයුතු ඉදිරියට කරගෙනයාමට හැකි බවද ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

views

803 Views

Comments

arrow-up