රඹුක්කන හොර පොලිෂ් උසාවියට

ජනතාව මුලා කිරීමේ අරමුණින් POLISH,RABUKKANA යනුවෙන් සඳහන් කර ජීප් රථයක් ධාවනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ පුද්ගලයා පසුගිය අප්‍රේල් 10 වන දින රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වාරියපොළ දී අත්අඩංගුවට ගෙන ඇති බවය.
පසුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකර ඇප මත මුදා හැර තිබේ.
ශ්‍රී ලංකා පොලීසියට නිකුත් කර ඇති ටාටා සුමෝ වර්ගයේ නිල් පැහැති ජිප් රථයක දකුණු පස POLISH,RABUKKANA යනුවෙන් සඳහන් කර මහජනතාවට වැරදි අවබෝධයක් ලබා දීමට ඇතැම් පිරිස් විසින් එය පළ කර ඇති බවත් පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
911 Views
Comments