ඩෙල්ටා රෝගීන් කොපමණ සමාජයේ සිටීදැයි කියන්න බෑ - ආචාර්ය චන්දිම ජීවන්දර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

ඩෙල්ටා රෝගීන් කොපමණ සමාජයේ සිටීදැයි කියන්න බෑ - ආචාර්ය චන්දිම ජීවන්දර

ඩෙල්ටා රෝගීන් කොපමණ සමාජයේ සිටීදැයි කියන්න බෑ - ආචාර්ය චන්දිම ජීවන්දර

සමාජයේ කෙතරම් ඩෙල්ටා හෙවත් ඉන්දීය සැර කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිතයන් සිටින්නේ දැයි කිව නොහැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

 

මේ අතර කැස්බෑවේ ඇඟලු‍ම් කම්හලකින් හමුවූ ඩෙල්ටා ආසාදනයවූ බවට සැක කෙරෙන පස් දෙනාට එය ස්ථිරයෙන්ම ආසාදනයවී ඇති බවට තහවුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවද හෙතෙම පැවසීය.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජාන අනුක්‍රමණ පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ කොළඹ ප්‍රදේශයේ සාම්පල ඇසුරු කරගෙන බවත් ඒ පරීක්ෂණද සාම්පල අහඹු ලෙස තෝරා ගෙන කරන ඒවා බවත් ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකිරීම අධික වියදම් සහිත බැවින් ඒවා ආවාට ගියාට කළ නොහැකි බවත් ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් දැඩි පරිස්සම්කාරී ලෙස මේ මොහොතේදී කටයුතු කිරීම ඉතාම වැදගත් බවත් හෙතෙම සඳහන් කළේය.

views

783 Views

Comments

arrow-up