AUG
05
අත්අඩංගුවට ගත් ගුරුවරු බලන්න ගිය සජිත්ට දොර වැසේ

ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරු 44 දෙනාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ නායකවරයාට ඒ සදහා අවස්ථාවක් නොලැබුණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට විපක්ෂ නායකවරයාට අවසර නැත්නම් එහි කුමන ප්‍රජාතන්ත්‍රවාදයක්ද යන්නයි.
එසේ සොයා බැලීම රටේ විපක්ෂ නායකවරයාගේ වගකීමක් බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙන එන බවත් එතුමා තවදුරටත් කියා සිටියේය.
938 Views
Comments