තරුණ ප්‍රජාව අතර HIV ආසාදන ඉහල යයි - ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

තරුණ ප්‍රජාව අතර HIV ආසාදන ඉහල යයි - ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍යයි

තරුණ ප්‍රජාව අතර HIV ආසාදන ඉහල යයි - ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍යයි

වයස අවුරුදු 15 - 24 කාණ්ඩයේ තරුණ කණ්ඩායම් අතර පසුගිය වසර පහ පුරාම HIV ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන නිවේදනය කරනවා.

 

එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ මේ හේතුවෙන් තරුණයන් අතර ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම වැදගත් බවයි.

 

"ශ්‍රී ලංකාවේ HIV ආසාදන ඇස්තමේන්තු කරලා තියෙනවා 3,700ක්.  HIV ආසාදතයින්ගෙන් 60%ක් පමණයි ප්‍රතිකාර ගන්නේ. එතකොට ඉතුරු 40% ඇත්තටම ඔවුන් ප්‍රතිකාර ගන්නේ නැතුව අපේ සමාජයේ ඉන්නේ. ඔවුන් HIV තියෙනවා කියලා ජීවත් වෙන්න පුළුවන්. අපේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර තුළ අවුරදු 15- 24 තරුණ කණ්ඩායමේ HIV ආසාදනය හඳුනාගැනීම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒක නිසා තරුණ අයට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් 90%ක් ම මේ  HIV වෛරසය බෝ වෙනනේ. HIV වෛරසය හැදිලා අවුරුදු 12ක් විතර යනවා ඒඩ්ස් තත්ත්වයට එන්න. නමුත් ප්‍රතිකාර ගන්න නිසා ඒඩ්ස් තත්ත්වයට යනවා අඩුයි."

views

895 Views

Comments

arrow-up