අනියම් පෙම ප්‍රතික්ෂේප කළැයි විවාහක කතට දෙනෝදාහක් මැද පිහිපාර එල්ල කල හිටපු සෙබළා අත්අඩංගුවට

පිරිස් බලා සිටියදී අංගොඩ හංදියේ දී ඊයේ(24) දහවල් කාන්තාවකට පිහියෙන් ඇන තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
සිදුවීමෙන් තුවාල ලබා තිබෙන්නේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි විවාහක කාන්තාවකි.
46 හැවිරිදි පුද්ගලයෙකු වන සැකකරු තදින් මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නෙකු බව පොලිසිය කියයි.
මෙම කාන්තාව විවාහක සැමියාගෙන් වෙන්වී අංගොඩ හංදියේ වෙළෙදසැලක සේවයේ නිරත වෙමින් ජීවත්වේ.
සැකකරුට කාන්තාව සම්බන්ධයෙන් ආදර හිතක් පහළ වී ඇය සේවය කරන වෙළෙඳසැල අසලට කිහිපය වරක්ම පැමිණ ඇයට ප්‍රේම යෝජනා ගෙනවිත් තිබෙන බවත් කාන්තාව එම යෝජනා ප්‍රතික්ෂේප කරමින් සැකකරුට බැන වැදී ඇති බවත් පොලිසිය කියයි.
තම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වු සැකකරු ඊයේ(24) දහවල් අංගොඩ හංදියේදී ඇය සේවය කරන වෙළෙඳසැල වෙත පැමිණ පිහියෙන් ඇන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කාන්තාවට පිහියෙන් ඇන පලායමින් සිටි සැකකරු සිද්ධිය වු ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද(25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
1302 Views
Comments