NOV
18
ඉදිරි පැය 24 මුහුදු යාමෙන් වළකින්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 ක කාලය තුළ මන්නාරමේ සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.
සෙසු මුහුදු කලාප වල ධීවර කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාවද මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බෙංගාල බොක්කේ ඇති අඩු පීඩන තත්ත්වය බටහිර දෙසට බරව අද දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වීමට නියමිත අතර එහි බලපෑම මත තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකියි.
864 Views
Comments