පුටුව බේරගන්න රතන හිමි අධිකරණයට යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

පුටුව බේරගන්න රතන හිමි අධිකරණයට යයි

පුටුව බේරගන්න රතන හිමි අධිකරණයට යයි

තම පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට අපේ ජනබල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා අතුරලියේ රතන හිමි  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

 

පෙත්සම ඉදිරිපත් කරමින් රතන හිමි පවසන්නේ තමා අපේ ජන බල පක්ෂයේ සාමාජිකයෙකු නොවන බැවින් විනය කඩ කළේ යැයි තමාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ විනය කමිටුවට බලයක් නොමැති බවයි.

 

මේ නිසා තමන් වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වී නොමැති බවට වන තීන්දුවක් ලබා දෙන ලෙස උන්වහන්සේ අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

views

775 Views

Comments

arrow-up