පෙම්වතාට දුරකථන ඇමතුම් අරන් දෙන හිලව්වට 84 හැවිරිදි සීයා බාලවයස්කාර දැරියව කෙළෙසයි - පෙම්වතාත් දැරියට අතවර කරලා

84 හැවිරිදි සීයාගෙන් සහ 18 හැවිරිදි පෙම්වතාගෙන් අතවරයට ලක්වූ 15 හැවිරිදි දැරියක් නාවලපිටිය රෝහලට ඇතුළත් කල බව නාවලපිටිය පොලිසිය කියයි.
මේ වන විටත් මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන 18 හැවිරිදි පෙම්වතා නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු ලබන 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන කළේය.
මොවුන් දෙදෙනාගේ ප්‍රේම් සබඳතාවයට 84 හැවිරිදි සීයා උදව් කර ඇති අතර දැරියට සිය පෙම්වතාට කතා කිරීමට අවශ්‍ය මොහොතට සීයාගේ නිවසට ගොස් සීයාගේ ජංගම දුරකථනය රැගෙන ඔහුට ඇමතුම් ලබාගෙන ඇත.
නමුත් සීයා විසින් ජංගම දුරකථනය ඇයට ලබාදෙන සෑම අවස්ථාවකම එයට හිලව් ලෙස දැරියට එම නිවස තුළදී අතවර කිරීම පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙම 15 හැවිරිදි දැරියගේ පියා නොමැති අතර මව භාරයේ සිටියදී මෙම අතවරය සිදුව තිබේ.
නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
4488 Views
Comments