පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට ස.ජ.බ ආණ්ඩුවක් යටතේ දැඩි දඬුවම් - සජිත්

සමගි ජන බලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
ඊයේ (04) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම අවස්ථාවේ අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
“දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර පිරිසිදු පරීක්ෂණයක් පවත්වන්න ඕන. ස.ජ.බ රජයක් තුළ එය ඉෂ්ඨ කරනවා. මහමොළකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙනවා.”
897 Views
Comments