බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - මුහුදු යෑමත් අවදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - මුහුදු යෑමත් අවදානම්

බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - මුහුදු යෑමත් අවදානම්

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. ත්‍රිකුණාමලය සිට   කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු, ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

පුත්තලමසිට කොළඹසහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිරදක්වා වන දිශාවලින් හමා එන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිරඊසාන දක්වා වන දිශා වලින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ.

 

ත්‍රිකුණාමලය සිට   කන්කසන්තුරයහරහා පුත්තලමදක්වා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-65) පමණ දක්වා වැඩි විය හැක.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැක.

 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

727 Views

Comments

arrow-up